Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 5,000කට වන්දි ගෙවීම එළැඹෙන 27දා
    Local News

    මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 5,000කට වන්දි ගෙවීම එළැඹෙන 27දා

    By LFNMay 26, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත වන්දි මුදල් ගෙවීම එළැඹෙන 27 වැනි දින සිදුකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

    මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එකතුවීම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේ නිල් වලා ගඟ ආශ්‍රිතව විශේෂ ව්‍යාපෘතියක් ලෙස කරදිය බාධකයක් ඉදිකිරීමට කටයුතු කරන ලදී.

    එම කරදිය බාදකය හේතු කොට ගෙන 2019 වර්ෂයෙන් පසු සෑම වර්ෂයකම වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් ඇති වී වගා හානි වාර්තා වී ඇති අතර විශේෂයෙන්, මාතර දිස්ත්‍රික්කයේ මඩිහගොඩගම, කැකණදුර, කඹුරුපිටිය, මාලිම්බඩ, මැදඋයන්ගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශ ඇතුළුව සෙසු ප්‍රදේශ තුළ පිහිටි වගා බිම් මෙලෙස වගා කිරීමට නොහැකි තත්වයට පත් වී ඇත.

    මෙම ගැටලුවට අදාළව ගොවීන් සහ ගොවි සංවිධාන විසින් අඛණ්ඩව අදාළ ආයතන දැනුවත් කර ඇති අතර ඒ අනුව, 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අනුක්‍රමික කන්න 07 ක් සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    මේ අනුව, 2019 යල කන්නය, 2019/20 මහ කන්නය, 2020 යල කන්නය, 2020/21 මහ කන්නය, 2021 යල කන්නය, 2021/22 මහ කන්නය, 2022 යල කන්නය යන වගා කන්නයන් තුල වගා කිරීමට නොහැකි වූ වගා බිම සඳහා වන්දි මුදල් නිදහස් කිරීමට කටයුතු කරන බව එම මණ්ඩලය සඳහන් කළේය.

    ඒ අනුව, ගොවි ජනතාවගේ ඉල්ලීම ඉටු කරමින් 2026 වර්ෂයේ ජාතික අයවැය මගින් රුපියල් මිලියන 1,200 ක මූල්‍ය ප්‍රතිපාදන, මෙම වගා කිරීමට නොහැකි වූ වගා බිම් වෙනුවෙන් වන්දි ගෙවීමට රජය විසින් වෙන් කර තිබේ.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව මෙම වන්දි  මුදල් ගෙවීමට අවශ්‍යය කටයුතු සිදු කෙරේ.

    මෙහිදී, ගොවීන් 5,000 ක් සහ වගා නොකල ඉඩම් අක්කර 12,800 ක ප්‍රමාණයක් වෙනුවෙන් වන්දි මුදල් ලබා දෙන අතර ආරම්භයක් ලෙස එළැඹෙන 27 දින මාතර, මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් තෝරා ගත් ගොවීන් 250 ක් සඳහා සංකේතවත් වන ලෙස වන්දි මුදල් ලබා දීමට නියමිත අතර අනෙකුත් සියලු වන්දි හිමි ගොවීන් සඳහා ඉදිරි දින 14  ඇතුලත අදාළ වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බවද කෘෂිකාර්මික හා ගොවිජ රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.