Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් – පාකිස්තානය
    Local News

    කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් – පාකිස්තානය

    By LFNMay 26, 2026No Comments2 Mins Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තානය කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බව මෙරට පාකිස්තාන මහකොමසාරිස්  Major General Dr Nayyar Naseer මහතා පවසයි.

    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පකිස්තාන මහකොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (25) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.

    එහිදි අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පාකිස්තානය, ලොව පස්වෙනි තැනට සත්ත්ව නිෂ්පාදනයෙන් ඉදිරියෙන් සිටින බැවින් ඒ ආශ්‍රිත දැනුම සහ කෘෂි නිෂ්පාදන සම්බන්ධ දැනුම සහ සහාය ලබා දීමට සුදානම් බවය.

    එමෙන්ම ජුනි මස අගදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පාකිස්තානු සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බවත්, ඒ සඳහා ඉතා උවමනාවෙන් සිය රට සූදානම් වෙමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

    “පළමුවෙන් මෙම අවස්ථාව සලසා දීම සම්බන්ධ‍යෙන් ස්තූතිවන්ත වෙනවා. පාකිස්තානයත් කෘෂිකාර්මික රටක් හැටියට ශ්‍රී ලංකාවත් කෘෂිකාර්මික රටක් නිසා රටවල් දෙක අතර අන්‍යෙන්‍ය වශයෙන් උදව් කරගැනීමේ හැකියාව තියෙනවා. පාකිස්තානය කියන්නේ ලෝකයේ පස්වෙනි තැනට සත්ත්ව නිෂ්පාදනය පැත්තේ ඉන්න රට. කිරි නිෂ්පාදනය අතින් පස්වෙනි තැන ඉන්නවා. ඒ නිසා රටවල් දෙක අතර ඒ පැත්තෙන් සම්බන්ධතාවයක් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව උදව් කරන්න සූදානම්. 

    පාකිස්තානයේ තියෙනවා සීනි නිෂ්පාදනය. ඒ වගේම එළවළු නිෂ්පාදනය. පලතුරු ආදී සෑම අංශයක්ම ඉහළ මට්ටමින් තියෙනවා. අපේ රටේ හොඳ වර්ගවල බාස්මතී ප්‍රභේද හදලා තියෙනවා. ශ්‍රී ලංකාවට ගැලපෙන බාස්මතී වර්ග හදාගන්න හැකියාවක් තියෙනවා. පාකිස්තානයේ ඉහළ තත්ත්වයේ ඉතා රසවත් අඹ වර්ගයක් තියෙනවා. 

    2010 වර්ෂයේ සිට අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නම ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වශයෙන් වෙනස් කළා. ජලය තිබුණට බෙදා හැරීමේ ගැටළු පවතිනවා. ඒ තත්ත්වය පානීය ජලය බෙදා හැරීමට වගේම වාරිමාර්ග ක්ෂේත්‍රයටත් බලපෑම්  එල්ල කරනවා. පාකිස්තානය කෘෂිකර්මාන්තය සහ සත්ව නිෂ්පාදනය අතින් ඉදිරියට ඇවිත් තියෙනවා. 

    ජුනි මස අගදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පාකිස්තානු සංචාරයක් සඳහා පැමිණීමට නියමිතයි. අපි ඒ සඳහා ඉතා උවමනාවෙන් සූදානම් වෙනවා. මම ආරාධනා කරනවා කෘෂිකර්ම අමාත්‍යවරයාට අගමැතිතුමිය සමඟ මේ සංචාරය සඳහා එක්වන්න කියලා. එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක පකිස්තානයට ඇවිත් කෘෂිකර්ම ක්ෂේත්‍රය ඇතිකරගෙන තියෙන දියුණුව දැකගන්න කියලා මම ආරාධනා කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.