Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය අඩු කිරීමයි – මහ බැංකු අධිපති

    May 26, 2026

    සුරකිමු ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

    May 26, 2026

    පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

    May 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»තවත් බාල ගල්අගුරු නැවක් කොළඹට ඇවිත්
    Hot News

    තවත් බාල ගල්අගුරු නැවක් කොළඹට ඇවිත්

    By LFNMay 26, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු ගල්අගුරු රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය අප්‍රේල් 30 වන දින අදාළ ගල් අගුරු නෞකාවේ පැටවුම් වාර්තාවේ පිටපත් ගල් අගුරු සමාගමේ සියලු නිලධාරීන් හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් වෙත යොමු කර ඇති බවය.

    එම පැටවුම් වාර්තාවට අනුව අදාළ ගල් අගුරු නෞකාව දකුණු අප්‍රිකාවේ රිචර්ඩ් බේ කෝල් ටර්මිනල් වරායේ සිට මෙරටට පැමිණ ඇති අතර එහි ගල් අගුරු මෙට්‍රික් ටොන් 59,766ක තොගයක් පවතින බව සඳහන්ය.

    එමෙන්ම අදාළ ගල් අගුරු තොගයේ අළු ප්‍රතිශතය ඒකක 16.8ක් වන බැවින් ලංකා ගල් අගුරු සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරයේ අගය ලෙස දැක්වෙන ඒකක 16 ඉක්මවා යනු ඇත.

    ඒ අනුව අදාළ තොගය දඩ මුදලකට යටත්ව හෝ මිලදී ගැනීමේ හැකියාවක් ගල්අගුරු සමාගමට නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර ඇත.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ සමඟ අදහස් පළ කරමින් බලශක්ති අමාත්‍ය මහාචාර්ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ, අදාළ ගල් අගුරු තොගය ප්‍රමිතියෙන් බාල වුව ද එය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා භාවිත කිරීමට හැකියාව පවතින බවය.

    ටෙන්ඩර් පටිපාටියට අනුව ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලුවට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

    අදාළ නෞකාව සම්බන්ධයෙන් විවිධ සංවිධාන දේශපාලන අරමුණු වෙනුවෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් සිටින බව අනුර කරුණාතිලක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

    May 26, 2026

    අරගලයට පහරදීම ගැන මාසයක් තුළ දේශබන්දුට අධිචෝදනා

    May 26, 2026

    දේශබන්දු ගැන නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය අඩු කිරීමයි – මහ බැංකු අධිපති

    May 26, 202601 Views

    ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම හරහා වෙළඳපොළ පොලී අනුපාතය ද ඉහළ යන බව මහ බැංකු…

    සුරකිමු ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

    May 26, 2026

    පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

    May 26, 2026

    නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි

    May 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.