Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමුස් සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

    May 25, 2026

    කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

    May 25, 2026

    දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

    May 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
    Local News

    රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න

    By LFNMay 25, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස අවුරුදු 18ත් 59ත් අතර පසුවන රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පුද්ගලයින් සඳහා සුරැකුම විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් විවෘතව පවතින බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, සාමාජිකයාගේ අවශ්‍යතාව සහ දායකමුදල් ගෙවීමේ හැකියාව මත තමන්ට රිසි විශ්‍රාම වැටුප් ප්‍රමාණයක් තීරණය කරගැනීමට හැකි බවය.

    මෙම විශ්‍රාම සැලසුම් යටතේ සුවිශේෂි ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත.

    ඒ අනුව වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා ගිවිසගත් රුපියල් 50,000ක මාසික විශ්‍රාම වැටුපක් හිමිවන බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

    වාරික ගෙවීම අතපසු වුවද ගිණුමේ ශේෂයට ගැලපූ විශ්‍රාම වැටුපක් හිමි වේ.

    විශ්‍රාමිකයෙකු ලෙස සිදුවන අභාවයකදී, කාලත්‍රයාට/ යැපෙන්නාට සමාජිකයාගේ වයස අවුරුදු 80 වන තෙක් විශ්‍රාම වැටුප අඛණ්ඩව හිමි වනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

    විශ්‍රාම වැටුප් ලැබීමට පෙර සිදු වන අභාවයකදී අවමංගල්‍ය වියදම් ආවරණයට රුපියල් 100,000ක් සමගින් කාලත්‍රයාට විශ්‍රාම වැටුප් හිමිකම හෝ ගෙවූ මුදල ආයෝජන ආදායම සමඟ ලබාගැනීමේ හැකියාව පවතී.

    හදිසි අනතුරක හෝ රෝගයක ප්‍රතිඵලයක් ලෙස අබලතාවයට පත්වන සාමාජිකයින්ට රුපියල් 500,000ක පාරිතෝෂිකයක් සමඟ අබලතාවය ඇති වූ දා සිට ජීවිතාන්තය දක්වාම එකඟ වූ විශ්‍රාම වැටුප හිමිවේ.

    එවැනි අවස්ථාවකදී සාමාජිකයා ඉදිරි වාරික ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරනු ලබයි.

    ස්ථිර අර්ධ අබලතාවයකදී රුපියල් 100,000ක පාරිතෝෂිකයක් ලබා දෙන බව ද ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කළේය. එමෙන්ම ප්‍රතිලාභියාගේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හෝ ඕනෑම අවශ්‍යතාවක් සඳහා මූල්‍ය සහයක් ලබාගත හැකිය.

    ඒ අනුව වයස අවුරුදු 18ත් 29ත් අතර කාලය තුළ මාසික, වාර්ෂිකව හෝ එකවර මුදලක් ලෙස අවශ්‍යතාවය පරිදි ප්‍රතිලාභ අයදුම් කළ හැකිය.

    සුරැකුම විශ්‍රාම සැලසුම සඳහා වයස අවුරුදු 20 සිට 45 දක්වා කාලය තුළ මුදල් ගෙවීම සිදු කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    මෙම වාරික ගෙවීම් අවස්ථාවන්ට අමතරව කාර්තුමය, වාර්ෂිකව සහ වසර දෙක සිට හතර දක්වා කෙටි කාලසීමාවන් තුළ නම්‍යශිලී ලෙස වාරික ගෙවීම් ක්‍රම තොරාගැනීමේ හැකියාව ද පවතිනි බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 2 88 60 88 යන අංකයෙන් ද 077 1 44 30 44 යන වට්ස්ඇප් අංකය මගින් ද ලබාගත හැකිය.

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙනින්ජිටිස් රෝගය පැතිරීම වැළැක්වීමට විශේෂ උපදෙස් මාලාවක්

    May 25, 2026

    හජ්ජි සහ වෙසක් උත්සව නිමිත්තෙන් රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

    May 25, 2026

    අනුරාධපුරයේ වනාන්තර 5ක් රක්ෂිත ලෙස නම් කෙරේ

    May 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,393 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    හෝමුස් සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

    May 25, 202600 Views

    හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන්කරන නෞකාවලින් ගාස්තු අය නොකරන නමුත්, ඒ ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබාදෙන සේවාවට…

    කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

    May 25, 2026

    දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

    May 25, 2026

    IPLඅවසන් වටයේ තරග හෙට සිට

    May 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.