Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අනුරාධපුරයේ වනාන්තර 5ක් රක්ෂිත ලෙස නම් කෙරේ
    Local News

    අනුරාධපුරයේ වනාන්තර 5ක් රක්ෂිත ලෙස නම් කෙරේ

    By LFNMay 25, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ජගත් පරිසර දිනය නිමිත්තෙන් වනාන්තර 5ක් රක්ෂිත ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    අද (25) පැවති “ජගත් පරිසර දිනය 2026” පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසා සිටියේ, ඊට අමතරව “මූලගිය උල්පත්” ද රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බවය.

    ඒ අනුව, රිටිගල, අලියාවැටුණු වැව, බුලාගල, කෝන් කැටියාව සහ කලලංචිය රක්ෂිත ලෙස නම් කර තිබේ.

    හෙක්ටයාර 2,169ක ප්‍රමාණයක් අඩංගු වන මෙම වනාන්තර පහම අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්වීම විශේෂත්වයක් වන බවද ඒ මහතා සඳහන් කළේය.

    මේ අතර, ජල සම්පත් මණ්ඩලය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධයෙන් කුඩා බුබුල දිය උල්පත් රක්ෂිතය ද ප්‍රකාශයට පත් කරන බව ද පරිසර අමාත්‍යවරයා පැවසීය.

    ජුනි 5 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර ජගත් පරිසර දිනයෙහි තේමාව වන්නේ ‘දේශගුණික ක්‍රියාකාරිත්වයන් සඳහා ගෝලීය කැඳවීම’ යන්නය.

    ඒ ආශ්‍රයෙන් සකස් කරනු ලැබූ මෙරට තේමාව ලෙස ‘දළුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ යන තේමාව යටතේ මෙරට පරිසර දිනය සමරන බව අමාත්‍යවරයා පැවසීය.

    මේ අතර පරිසර දිනයට සමගාමීව මෙරව පරිසර සතිය මැයි 30 සිට ජුනි 5 දක්වා පැවැත්වෙන බවද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.