Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්
    Uncategorized

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    By LFNMay 24, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 28,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනුයේ ආපදාවෙන් පවුල් 7,482කට අයත් පුද්ගලයින් 28,933ක් බලපෑමට ලක්ව ඇති බවය.

    මින් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 3,950කට අයත් පුද්ගලයින් 15,313ක් පීඩාවට ලක්ව ඇති අතර එක් මරණයක්ද වාර්තා වේ.

    මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1,219කට අයත් පුද්ගලයින් 4,265ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1,051කට අයත් පුද්ගලයින් 4,566ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1,204කට අයත් පුද්ගලයින් 4,558ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 34කට අයත් පුද්ගලයින් 141ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 20කට අයත් පුද්ගලයින් 80ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 09කට අයත් පුද්ගලයින් 7ක් සහ වව්නියාව දිස්ත්‍රික්කයේ එක් පවුලකට අයත් පුද්ගලයින් 03ක්ද කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක්ව තිබේ.

    මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 836ක්ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන් ව ඇත.

    ඉන් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේද ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 530ක් වාර්තා වී ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්ව තිබේ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිවයින පුරා දිස්ත්‍රික්ක 08කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34කින් මෙම අගයන් වාර්තා වී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.