Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අතිශය විෂ සහිත පළිබෝධ නාශක තහනම් කිරීමෙන්ම මෙරට සියදිවිහානි කරගැනීම් අඩුවෙලා
    Local News

    අතිශය විෂ සහිත පළිබෝධ නාශක තහනම් කිරීමෙන්ම මෙරට සියදිවිහානි කරගැනීම් අඩුවෙලා

    By LFNMay 23, 2026Updated:May 23, 2026No Comments2 Mins Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට තුළ අතිශය විෂ සහිත පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීමෙන් සියදිවි නසා ගැනීම් සියයට 70කින් පමණ අඩුවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව “පළිබෝධ නාශක මඟින් සියදිවිනසා ගැනීම වැළැක්වීම” පිළිබඳ විශේෂ පැතිකඩ සැසිවාරයට එක්වෙමිනි.

    සියලු රටවල් තමන්ගේ සියදිවි නසා ගැනීම වැළැක්වීමේ උපාය මාර්ගයන්ට පළිබෝධ නාශක සීමා කිරීම අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු බව ද එහිදී අමාත්‍යවරයා යෝජනා කළේය.

    මෙම සැසිය ශ්‍රී ලංකාව, ගයනාව, කෙන්යාව, නයිජීරියාව, පාකිස්ථානය යන රටවල් එක්ව සංවිධානය කර තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන සහ ජාත්‍යන්තර සියදිවිනසා ගැනීම් වැළැක්වීමේ සංගමයේ හවුල්කාරීත්වය ද හිමිවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, විශේෂයෙන් 1990 වසරේ සිට අතිශය විෂ සහිත පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීම පියවර ගත් බවය.

    සියලු රටවල් සියදිවිනසා ගැනීම වැළැක්වීමේ උපාය මාර්ගවලට පළිබෝධ නාශක සීමා කිරීම අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු බවට එහිදී හෙතෙම යෝජනා කළේය.

    එය අඩු වියදමකින් කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබා ගත හැකි මැදිහත් වීමක් ලෙස මෙහිදී නලින්ද ජයතිස්ස මහතා විසින් පෙන්වා දෙන ලදී.

    කෙසේවෙතත් පළිබෝධ නාශක සීමා කිරීම පමණක් සියදිවි නසා ගැනීම් වැළැක්වීමට ප්‍රමාණවත් නොවන බවත් ඊට ප්‍රජා පාදක සෞඛ්‍ය සේවා ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව වර්තමානයේ ප්‍රාථමික සෞඛ්‍ය ශක්තිමත් කිරීම මඟින් සිදු කරනු ලබන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    1995දී මෙරට සියදිවි නසා ගැනීමේ අනුපාතය ලක්ෂයකට 47ක් වු අතර එය 2022 වන විට 14 දක්වා අඩු වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.