Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්
    Local News

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    By LFNMay 21, 2026No Comments2 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව පුරා ඉහළ පිළිගැනීමක් ඇති චරිතයක් වන ‘හෙලෝ කිටී’ මෙම මස 19 දින මෙරටට පැමිණ ඇති අතර වගකීම් සහගත ප්ලාස්ටික් භාවිතය සහ පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවැත්වුණු දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වී තිබේ.

    ‘හෙලෝ කිටී’ සමඟ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 150 දෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය, ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව, මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ පවතින අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්, “ප්ලාස්ටික් කළමනා කරණ ධාරිතාව ශක්තිමත් කිරීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය” නමින් වූ තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රර්වධනය කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා ද දායකත්වය ලබාදෙයි.

    මෙහි ආරම්භක පියවරක් ලෙස, ජයිකා (JICA)ආයතනය ‘හෙලෝ කිටි’ චරිතයේ හිමිකාරීත්වය දරන ජපන් විනෝදාස්වාද සමාගමක් වන සැන්රිඕ (Sanrio)පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම’ ප්ලාස්ටික් ස්මාර්ට් ගීතය’ නිර්මාණය කර ඇත.

    මෙම ගීතය ඔස්සේ විශේෂයෙන්ම ළමුන් සහ තරුණ පරපුර අතර වගකීම් සහගත ප්ලාස්ටික් භාවිතය සහ පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ දැනුම්වත් භාවය ඇති කිරීම අරමුණු කර තිබේ.

    මේ අතර, මෙම සතිය තුළ පාසල් කිහිපයක පැවැත්වෙන දැනුම්වත් කිරීමේ සහ ප්‍රජා සේවා වැඩසටහන් මාලාවකට ‘හෙලෝ කිටි’ සහභාගී වීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතිය මගින් සිදුකරන මෙම ක්‍රියාකාරීත්වයන් තුළින්, ජනතාව අතර ධනාත්මක වූ චර්යාත්මක වෙනසක් ඇති කිරීමත්, පාරිසරික බලපෑම් අවම කරමින් වඩාත් තිරසාර පුරුදු අනුගමනය කිරීම සඳහා රට පුරා සිටින ජනතාව දිරිමත් කිරීමත් අපේක්ෂා කරයි.

    පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවය මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.