කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් ලබන 23 සහ 24 යන දෙදින තුළ දුම්රිය ධාවනය සීමා කිරීම සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට නියමිතව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ලබන (23) වැනිදා උදෑසන 09.30 සිට (24) වැනිදා උදෑසන 07.30 දක්වා දුම්රිය ධාවනය සංශෝධනය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම කාල සීමාව තුළ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවද සඳහන්.
මේ අතර එම කාල සීමාවේදී කැලණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොවන අතර මන්දගාමී දුම්රිය තුනක් (23) වැනිදා සවස නාරාහේන්පිට දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නියමිතයි.
එමෙන්ම (24) වැනිදා උදෑසන මන්දගාමී දුම්රිය තුනක් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නියමිතයි.
