Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු
    Hot News

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    By LFNMay 20, 2026Updated:May 20, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

    ඒ අනුව ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට තීරණය කළ බව එම සංසදය පැවසුවේය.

    වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

    ඒ අනුව අද (20) දිනයේ සිට ඇසුරුම් කරන ලද කිරි පිටි පැකට්ටු වල මිල මෙලෙස ඉහළ යාමට නියමිතය.

    කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ අදාළ මිල ගණන් යටතේ වෙළෙඳපොළට ආනයනික කිරි පිටි නිකුත් කරන අතර මේ වන විට වෙළෙඳපොළේ පවතින කිසිදු ආනයනික කිරි පිටි වර්ගයක මිල ඉහළ නොයන බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය “අද දෙරණ” සිදුකළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර,  රුපියල අවප්‍රමාණය වෙමින් අඛණ්ඩව ඩොලරයේ මිල ඉහළ යාමත් සමඟ ආනයනික භාණ්ඩ රැසක මිල ඉදිරියේදී ඉහළ යනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්‌ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම්, සුබ්‍රමනියම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඒ අනුව ඉදිරියේ දී සීනි, පරිප්පු, හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යනු ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.