තලංගම, අකුරේගොඩ යුද හමුදා කඳවුර අසලදී නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ධාවනය කළ බව කියන සැකකරු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.
සැකකරු පරගොඩ ඉමදුව ප්‍රදේශයේ පදිංචි කළු ආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ (29) වන බව පොලිසිය පවසයි.
නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරියට ඉකුත් පෙබරවාරි මස 16 වැනි දින අකුරේ ගොඩ යුද හමුදා මූලස්ථානය අසලදී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී පනස් හය සහ පිස්තෝල වර්ගයේ ගිනි අවි වලින් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුණි.
වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය මෙම සැකකරු විසින් ධාවනය කර ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති වරයා 0718596065 යන දුරකථන අංකයට අමතා තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය ජනතාවගෙන්ඉල්ලයි.
බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාශය වැඩි විමර්ශන සිදු කරයි.
