ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 5,289කට ඔවුන්ගේ ඊළඟ නිල සඳහා උසස්වීම් ලබාදී තිබේ.
මැයි 19 වන දිනයට යෙදෙන 17 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව මෙම උසස්වීම් ලබාදෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
මව්බිම තුළ සාමකාමී යුගයක් උදාකරලීම උදෙසා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉටුකළ අමිල සේවය අගය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි 19 වන දින මෙසේ ජාතික රණවිරු සැමරුම් දිනය සමරනු ලබයි.
අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මෙම උසස් කිරීම් සිදු කරනු ලැබේ.
