Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    චාමරගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි

    May 18, 2026

    කාලගුණයෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි

    May 18, 2026

    අන්තරේ මල්වානෙන් ඉවතට

    May 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කාලගුණයෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි
    Local News

    කාලගුණයෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි

    By LFNMay 18, 2026No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ ක්‍රමවේදය කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ වන විටත් එම වගා හානි සම්බන්ධව තොරතුරු එක්රැස් කරමින් පවතින බවත් ඒ අනුව ගොවීන්ට සිය වගා හානි සම්බන්ධව තොරතුරු අදාළ නිලධාරීන් වෙත ලබා දිය හැකි බවත්ය.

    “ඊයේ පෙරේදා වර්ෂාවක් ඇවිල්ලා යම් යම් වගාබිම් හානි වෙලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව අපි කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් සහ අනෙකුත් දෙපාර්තමේන්තු මගින් පණිවිඩ දීලා තියෙනවා සති දෙකක් ඇතුළත ඒ හානි වෙච්ච සියලුම වගාවන් වාර්තා කරන්න ඒ අනුව අපේ නිලධාරීන් ඊට අදාළ මැදිහත් වෙමින් සිටිනවා ඒ හානි වෙච්ච කුඹුරුවල ගොවීන්ගේ තොරතුරු ආවාට පස්සේ කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා ඒ ගොවි ජනතාවට කෙටි කාලයක් ඇතුළත වන්දි ලබා දීමේ කටයුතු අපි අවසන් කරනවා. ඒ නිසා ගොවි ජනතාවගෙනුත් අපි ඉල්ලා සිටිනවා තමන්ගේ වගාබිම් හානි වුණානම් අපේ නිලධාරීන් හරහා තමන්ගේ තොරතුරු ටික වහාම අපි වෙත ලැබෙන්න සලසන්න කියන එක.”

    මෙම වන්දි ලබා දිමේ ක්‍රියාවලිය සම්බන්ධව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතාගෙන් අද දෙරණ සිදුකළ විමසීමකදි පැවසුවේ අදාළ තොරතුරු මත කඩිනමින් වන්දි ලබා දීමට පියවර ගන්නා බවය.

    ඒ අනුව අදාළ තොරතුරු මත නිලධාරීන් විසින් එම හානි වූ වගාවන් නිරීක්ෂණය කරන බවත් පැවසූ ඒ මහතා ඒ අනුව සිදුව වගාවේ සිදුව ඇති හානි ප්‍රමාණය මත වන්දි ගෙවීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චාමරගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි

    May 18, 2026

    අන්තරේ මල්වානෙන් ඉවතට

    May 18, 2026

    අගමැති හරිනි ලන්ඩන් යයි

    May 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,438 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    චාමරගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි

    May 18, 202600 Views

    දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පනවා තිබූ විදේශ…

    කාලගුණයෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි

    May 18, 2026

    අන්තරේ මල්වානෙන් ඉවතට

    May 18, 2026

    අගමැති හරිනි ලන්ඩන් යයි

    May 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.