එංගලන්තයේ, ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය.
අග්‍රමාත්‍යවරිය සමග තවත් දෙදෙනෙකු දූත පිරිස ලෙස එක්වී සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.
ඔවුන් අද පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ.
ඔවුන් සිය චාරිකාව නිම කර එළැඹෙන 23 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
