Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
    Hot News

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    By LFNMay 14, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වැසි අධික කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 11කට‌ අදියර එක සහ දෙක යටතේ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මෙම අනතුරු ඇඟවීම් හෙට (15) පෙරවරු 09 දක්වා වලංගු බවය.

    ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, බදුරලිය, වලල්ලාවිට සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගුවේ.

    එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හාලිඇල සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අඟවා ඇත.

    ගාල්ල දිස්ත්‍රික්කයේ නියගම, තවලම සහ ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙය වලංගුවේ‍.

    මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, පස්බාගේ, දොළුව, යටිනුවර, උඩපළාත, ගඟ ඉහළ කෝරළේ, අකුරණ, හාරිස්පත්තුව, උඩුනුවර, පූජාපිටිය,  ගඟවට කෝරළේ, පහතහේවාහැට, හතරලියැද්ද, දෙල්තොට සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙය බලාත්මකය.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, බුලත්කොහුපිටිය, රඹුක්කන, කෑගල්ල, යටියන්තොට සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේය.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, අඹන්ගඟ කෝරළය සහ රත්තොට යන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු වේ.

    මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බිබිල සහ බඩල්කුඹුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ්, කොත්මලේ උතුර සහ අඹන්ගඟ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම, කිරිඇල්ල, ගොඩකවෙල, ඇහැළියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.