මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණිය, ඔරුතොට ප්‍රදේශයේදී අද (14) පෙරවරු 9.30 ට පමණ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තෙල්දෙණිය ඩිපෝවට අයත් බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙකට මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තෙල්දෙණිය සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබුණු අතර මෝටර් රථය දිගන දෙස සිට තෙල්දෙණිය දෙසට ධාවනය වෙමින් තිබුණි.
අනතුරින් තුවාල ලැබූ පිරිස වහාම තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතර මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බස් රථයේ ගමන් ගත් මගීන් තිදෙනෙකු වන බව වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු තෙල්දෙණිය පොලීසිය විසින් මේ වන විටත් ආරම්භ කර ඇත.
