ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.
ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයේ (ICAPP) මහා මණ්ඩල රැස්වීම 2026 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවත්, එහි ආරම්භයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ එම සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ වූ බවත් ඇය පැවසුවා.
දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කළ ටිල්වින් සිල්වා මහතා, ශ්‍රී ලාංකික තරුණයින්ට ලබා දෙන රැකියා අවස්ථා පිළිබඳවත්, ‘දිට්වා’ සුළි කුණාටු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහය පිළිබඳවත් දකුණු කොරියාවට කෘතඥතාව පළ කළේය.
