Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට
    Hot News

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    By LFNMay 12, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 767.9 ක ඉහළ අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    එය පසුගිය වසරට සාපේක්ෂව 19% ක වර්ධනයක් වන අතර, 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 646ක් බව සඳහන් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව 2026 වසරේ මුල් මාස හතර තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 3,062.8 ක විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට හිමිව ඇත.

    ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති විදේශ ප්‍රතිපත්ති අනුව විදේශ රටවල් සමග අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම, පුහුණු ශ්‍රමිකයින්ට නව රැකියා වෙළෙඳපොළ හඳුන්වා දීම සහ විදේශ ශ්‍රමිකයන් හට සුභසාධන ප්‍රතිලාභ ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රමවේදයන් හරහා ලාංකික ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදෙස් රැකියාවල නිරත වීමට පෙළඹී ඇත.

    ඒ අනුව 2026 මුල් මාස හතර තුළ විදේශ ගත වූ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය 79,954 ක් වන අතර එයින් වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සඳහා පිටත්ව ගිය පිරිස බව සඳහන් වේ.

    එම පිරිස 17,012 ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    එමෙන්ම අමෙරිකානු ඩොලර් බිලියන 8කට අධික වූ ශ්‍රී ලංකා ඉතිහාසගත වැඩිම විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් 2025 වර්ෂය තුළ වාර්තාවීමද සුවිශේෂි කරුණක් බව පැවසේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.