Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි
    Business

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

    By LFNMay 11, 2026No Comments2 Mins Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වූ බවත් මෙරට මුහුදු කකුළුවන් අපනයනය සඳහා අමෙරිකානු රජයේ ආයතනය විසින් නිල අනුමැතිය හිමිවී ඇති බවත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ අමෙරිකා එක්සත් ජනපදය වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී  “සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත”  යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වූ බවය.

    ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන National Oceanic and Atmospheric Administration – NOAA විසින් නිල වශයෙන් ඒ සම්බන්ධව දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත රෙගුලාසි ඇමරිකානු ප්‍රමිතීන්ට අනුකූල බවට තහවුරු වී ඇති බවය.

    2025 නොවැම්බර් මාසයේදී අමෙරිකානු අධිකරණ තීන්දුවක් මත මෙම අපනයන කටයුතුවලට
    යම් බලපෑමක් එල්ල වුවද, ධීවර දෙපාර්තමේන්තුව NARA ආයතනය  සහ අදාළ අංශ විසින් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක දත්ත සහ කරුණු සැලකිල්ලට ගනිමින් NOAA ආයතනය සිය තීරණය යළි සමාලෝචනය කර මෙම අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව මෙම අනුමැතිය විශේෂ කරුණු කිහිපයකින් සමන්විත වන අතර ඒ යටතට,

    1. අපනයන අයිතිය තහවුරු වීම: අමෙරිකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමට නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු “ප්‍රමිති අනුකූලතා සහතිකය” (Comparability Finding) මේ හරහා ශ්‍රී ලංකාවට හිමිවේ.
    2. වලංගු කාලසීමාව: මෙම නිල අනුමැතිය 2029 දෙසැම්බර් 31 වනදා දක්වා වලංගු වන අතර, එම කාලය තුළ ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනය කිසිදු බාධාවකින් තොරව සිදු කළ හැකිය.
    3. පරිසර හිතකාමී ධීවර කර්මාන්තය: මසුන් ඇල්ලීමේදී ඩොල්ෆින්, තල්මසුන් වැනි සාගර ක්ෂීරපායීන්ට හානි නොවන පරිදි ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේද මෙහිදී ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත.

    අමාත්‍යාංශය පැවසුවේ මෙම ජයග්‍රහණය මෙරට ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, විදේශ විනිමය ඉපයීම ඉහළ නැංවීමටත් ලැබුණු මනා පිටුවහලක් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.