Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්
    Hot News

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    By LFNMay 8, 2026No Comments3 Mins Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

    එමෙන්ම වියට්නාමයෙන් පොහොර ලබාගැනීමට කළ ඉල්ලීමට එරට රජය විසින් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදී ඇති බව ඒ මහතා කිව්වේය.

    “වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මැතිතුමනි. වියට්නාම් දූත මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පැමිණි සම්භාවනිය මහත්ම මහත්මියනි. අනෙකුත් සම්භාවනිය නියෝජිතවරුනි. මාධ්‍ය හිතවතුනි. ආයුබෝවන්, ප්‍රථමයෙන් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලාංකීක ජනතාව වෙනුවෙන් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ටෝ ලාම් මැතිතුමා සහ එතුමන් සමඟ මෙම ඉතිහාසගත රාජ්‍ය සංචාරයට එක්ව සිටින සම්භාවනිය වියට්නාම් නියෝජිත පිරිස මා ඉතාමත් උණුසුම් අයුරින් පිළිගනු ලබනවා.

    කීර්තිමත් වියට්නාම් භික්ෂුවක් වන පූජ්‍ය පඤ්ඤාසාර හිමියන් විසින් මෙහෙයවන ලද ගෝලීය සාම පාගමන ශ්‍රී ලංකාව හරහා ද වැටී තිබූ අතර එය අප දෙරට අතර සියවස් ගණනක සමීප සබඳතාවය තවදුරටත් ඉස්මතු කළ, අවස්ථාවක් වුණා. අද වියට්නාම් ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාවට පැමිණීම තුළින් දෙරට අතර ඇති රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වනවා. ලෝක දේශපාලන සිතියමේ වියට්නාමය අපි දක්නේ හුදෙක් තවත් එක් රාජ්‍යයක් ලෙස නොව අධිරාජ්‍යවාදයට එරෙහි නොසැලෙන අභිමානයක් මෙන්ම ආර්ථික පරිවර්තනය ජීවන සාක්ෂියක් ලෙස සිහිපත් කළ යුතුයි.

    පීඩිත ජාතීන්ගේ විමුක්තිකාමී අරගලවලට පන්නරයක් එක්කළ ඉතිහාස ගත කතාවක් වියට්නාමය සතු අතර ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇති බව සඳහන් කළ යුතුය. අප්‍රමාණ අභියෝග මැද ධෛර්යය සම්පන්න ශ්‍රේෂ්ඨ නායකයන් යටතේ වියට්නාමය ගොඩනැගුණු ආකාරය විශ්මජනකයි. දුෂ්කරතා තරණය කිරීමට ජීවමාන සාක්ෂි සහිතව වර්තමානය වනවිට අග්නිදිග ආසියානු රටක පසුබිමක සිට නිෂ්පාදන මධ්‍යස්ථානය දක්වා වියට්නාමය පරිවර්තනය වූ ආකාරය සම්බන්ධයෙන් වියට්නාමයට අපි සුබ පැතුම් එක් කරනවා.

    අතිගරු ටෝ ලාම් මැතිතුමාන් සිය ධුරයට පත්වීමෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය සංචාරය නිරත වන ප්‍රථම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව මා සතුටට පත් වන අතර ශ්‍රී ලංකාව වැනි නිදහස අගය කරන රාජ්‍යයක් වියට්නාමය වැනි ඉතිහාසය අගය කරන රාජ්‍යයක් මෙලෙස සමීපවීම සතුටට කරුණක් වන අතර මේ දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සහ දිගුකාලීන සබඳතාවය පිළිඹිබු කරන වැදගත් මෙන්ම සංකේතවත් අවස්ථාවක් ලෙස අප සලකනවා. 

    ටෝ ලාම් මැතිතුමාගේ මෙම සංචාරයෙන් දෙරට අතර ඇති ඓතිහාසික සබඳතාවය පිළිබිඹු කරනවා. අපගේ දෙරටවල සබඳතාවල පරිණතභාවය ශක්තිය සහ අනාගත විභවයන් පිළිබිඹු කරමින් දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව විස්තීරණ හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව සහ වියට්නාමය අද දිනයේ එකඟ වූ බව සිහිපත් කරනවා.

    මීට මොහොතකට පෙර වියට්නාම් ජනාධිපතිතුමන් සහ මා අතර පුළුල් සහ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වුණා. දෙරටේ සබඳතාවල තත්ත්වය පිළිබඳව පූර්ණ සමාලෝචනයක් සිදු කළා. එමෙන්ම පුළුල් පරාසයක් තුළ ක්ෂේත්‍රයක් හරහා අන්‍යෝනය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති මාර්ග පිළිබඳව අප සාකච්ඡා කළා. ආර්ථික වශයෙන් නිෂ්පාදනය, අපනයනය වර්ධනය සහ ගෝලීය වටිනාකම් ඒකාබද්ධවීම පිළිබඳව වියට්නාමය ලබාගෙන ඇති විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව මා අගය කළා.

    එමෙන්ම මෑත කාලීන අභියෝගවලින් ශ්‍රී ලංකාව ලබාදී ආර්ථික ප්‍රගතිය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන් මා දැනුවත් කළා. මෙය අපගේ දෙරට අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම කාලෝචිත අවස්ථාවක් ලෙස අප දෙරටම සලකනවා. වර්ෂ 2030 වනවිට ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීම සඳහා වූ ඉලක්කයන් අපි සතුව පවතිනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202602 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.