පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පෙර වව්නතිව් හිදී සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා මේ මස 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ මොවුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ පරීක්ෂණ නොමග යැවීම සදහා කුමන්ත්‍රණය කළ බවට වන චෝදනා යටතේයි.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සිදු කළ එකක් බව පාස්කු ප්‍රහාරය සිදු වීමෙන් පසුව ඒ පිළිබඳව කරන ලද විමර්ශන මගින් හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් පොලිසියට දැනුම් දී තිබෙනවා.
