Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 26ක් මරුට

    May 6, 2026

    තෙදින නිල සංචාරය අවසන් කරමින් මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ පණිවුඩයක්
    Local News

    සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ පණිවුඩයක්

    By LFNMay 6, 2026No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025/2026 අධ්‍යන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කටයුතු 2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.

    අද (06) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇය සඳහන් කළේ, විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමෙන් අනතුරුව සියලුම ශිෂ්‍ය ලියාපදිංචි නාමලේඛන 2026 අගෝස්තු 31 වනවිට අදාළ විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවය.

    ඒ අනුව 2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට පාඨමාලා ආරම්භ කිරීමේ නිශ්චිත දිනයන් ඒ ඒ විශ්වවිද්‍යාල වෙතින් තීරණය කිරීමට හැකි වනු ඇතැයිද ඇය සඳහන් කළාය.

    මේ අතර මෙවර 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා දෙකක් හඳුන්වා දීමටද කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

    ඒ අනුව, රුහුණු විශ්වවිද්‍යාලය හි භූගෝලීය තොරතුරු පද්ධති පාඨමාලාව සඳහා සිසුන් 50 දෙනෙකු බඳවා ගැනීමට නියමිත අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හි ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව පාඨමාලාව සඳහාද සිසුන් 50 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

    මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාව 281,810ක් වන අතර, ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 176,538කි.

    එම සිසුන් අතරින් මෙවර රජයේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 42,937ක් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

    එමෙන්ම, ප්‍රථම උපාධි පාඨමාලාවන් සඳහා බඳවා ගැනෙන සිසුන් සංඛ්‍යාව මෙවර වැඩි නොකළද, සිසුන් සඳහා පහසුකම් වර්ධනය කරමින් වඩාත් ඵලදායී සහ ගුණාත්මක අධ්‍යාපනයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙදින නිල සංචාරය අවසන් කරමින් මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

    May 6, 2026

    අස්වැසුමත් දෙපාරක් ගෙවලා ? පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක්

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 26ක් මරුට

    May 6, 202601 Views

    යුක්‍රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 80…

    තෙදින නිල සංචාරය අවසන් කරමින් මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

    May 6, 2026

    සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ පණිවුඩයක්

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.