Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි
    Hot News

    පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි

    By LFNMay 6, 2026No Comments3 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා  අනතුරක් සිදුකොට සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (05) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ විය.

    කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.

    එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  යොහාන් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වශයෙන් නම් කර සිටි ගයාන් විනෝදක අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ සිද්ධිය වූ දින තමා මිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියේ දුමක් වැනි දෙයක් දුටු බවත් එම ස්ථානයේ අනතුරක් සිදුවී ඇති බව වැටහුණු බවත්ය.

    පසුව තමා එම ස්ථානයට ගිය බව කී සාක්ෂිකරු එම ස්ථානයේ අනතුරට ලක් වූ සංදීප් සිටිනු දුටු බවද පසුව වාහනයකට කතාකර ඔහු රෝහල කරා යැවීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.

    පසුව එම ස්ථානයේ සිටි පිරිසක් අනතුර සිදු කළේ අර වාහනය යැයි පෙන්වූ බවත් ඒ අනුව තමා එම වාහනය ලුහුබැද ගිය බව කී සාක්ෂිකරු එය නවත්වන ලෙස තමා කෑ ගැසූ බවත් පැවසීය.

    පසුව අදාළ වාහනය ඉදිරිපසින් ගොස් යතුරුපැදිය නැවැත්වීමට කටයුතු කළ බවත් පසුව යතුරුපැදියෙන් බැස තමා වාහනයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාට පහර දීමට උත්සාහ කළ බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

    රියැදුරු අසුනේ  අව් කණ්ණාඩියක් පැළඳ කළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳගත් උස පුද්ගලයෙකු සිටිනු තමන් දුටු බවත් එම පුද්ගලයා “මම පාඨලී චම්පික. එන්න මාත් එක්ක බොරැල්ල පොලිසියට යන්න” යනුවෙන් සඳහන් කළ බවත් සාක්ෂිකරු පැවසීය.

    එම පුද්ගලයා අද අධිකරණයේ සිටිනවාදයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂිකරුගන් එහිදී ප්‍රශ්න කළේය.

    ඒ අනුව විත්ති කූඩුවේ සිටි පාඨලී චම්පික රණවක මහතාව මෙම සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේ හඳුනාගනු ලැබීය.

    තමා “පත්තර ටීවිවල නිතර දැක තිබූ නිසා” මේ පුද්ගලයාව තමන් හඳුනාගත් බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

    ඒ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම රිය අනතුර සම්බන්ධයෙන් මෙම නඩුවේ දෙවන විත්තිකාර දිළුම් තුසිත කුමාර නමැත්තා මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගෙන නඩුව අවසන් කර තිබෙන බව පැවසුවේය.

    එකම සිද්ධියකට විත්තිකරුවන් දෙදෙනෙකු සිටිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මේ තුළින් නීතියේ ආධිපත්‍යය කෙලෙසීමක් සිදුවන බවත් චෝදනා කළේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අබේවික්‍රම මහතා සඳහන් කළේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුකරය මෙම නඩු විභාගයට බාධාවක් නොවන බවය.

    ඉන් අනතුරුව මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරුවන දිනුම් තුසිත කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකළ අතර ඉන්පසුව වැඩිදුර සාක්ෂි විභාගය කල් තැබීමටද පියවර ගැනුණි.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම, අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලීසිය ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින්  මෙම නඩුව ගොනු කර ඇත

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.