Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»හිටපු IDGගේ ඉඩමකින් ගිනිඅවි පතරොම් සහ දිවියෙකුගේ සමකින් හැදූ අනුරුවක් හමුවෙයි
    Local News

    හිටපු IDGගේ ඉඩමකින් ගිනිඅවි පතරොම් සහ දිවියෙකුගේ සමකින් හැදූ අනුරුවක් හමුවෙයි

    By LFNMay 5, 2026No Comments2 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුත්තලම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් යැයි පැවසෙන අට්ටවිල්ලුව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ වනජීවි නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකිදී ගිනිඅවි පතොරම් හා දිවියෙකුගේ සමකින් සකසන ලද අනුරුවක් හා තිත්මුව සමක් සොයාගෙන තිබේ.

    ගුවන් හමුදා බුද්ධි අවේක්ෂණ නිලධාරීන්ට ලද තොරතුරක් මත කරුවලගස්වැව, රිටිගල, කුරුණෑගල වනජීවි නිලධාරීන් හා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇත.

    එහිදී අදාළ ඉඩමේ ජීව පතොරම් 09ක් සහ දැඩි ආරක්ෂිත සත්වයෙකු වූ දිවියෙකුගේ සමකින් සම්පූර්ණයෙන් පුරවන ලද අනුරුවක් හා තිත් මුව සමක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

    වැටලීම සිදුවන අවස්ථාවේදී අදාළ ඉඩම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් බදු පදනම මත ගොවිතැන් කටයුතු සඳහා ලබා ගෙන වගා කරමින් සිටි අයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් මෙම තැනැත්තා එහිදී පවසා ඇත්තේ තමන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙම ඉඩම ගොවිතැන් කටයුතු සඳහා බදු ක්‍රමයට ලබා ගෙන ඇති බවය.

    මෙහිදී නිලධාරීන් භාරයට ගෙන ඇති දිවියෙකුගේ සමකින් සකසන ලද අනුරුව අඩි හයකට ආසන්න විශාල දිවියෙකුගේ බවත් මෙවැනි විශාල දිවියන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා ආසන්න රක්ෂිත තුළ පමණක් දැක ගත හැකි බව වනජීවි නිලධාරීන් සඳහන් කළේය.

    වනජීවි නිලධාරීන් සඳහන් කරනුයේ මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මේ වන විට චෝදනා එල්ල වී ඇති සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවීමටද කටයුතු කළ බවය.

    පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ, කුරුණෑගල වනජීවි සහකාර අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ, අනුරාධපුර වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. යූ.ඒ. චන්ද්‍රරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත රිටිගල අඩවියේ අඩවි සහකාර ඩී රාමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.