Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සංචාරය නිමා කළ රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනෙන් පිටත්ව යයි
    Local News

    සංචාරය නිමා කළ රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනෙන් පිටත්ව යයි

    By LFNMay 5, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (05) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

    මෙරටින් පිටව යන එම නියෝජිත පිරිසට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විශේෂ පරිශ්‍රයේදී සමුදෙනු ලැබුවේ, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා විසිනි.

    එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ජාත්‍යන්තර සෞඛ්‍ය) වෛද්‍ය අනිල් සමරනායක මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් ද එක්ව සිටියහ.

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවකට ද එක්වූහ.

    එහිදී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය සහ AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් මෙරට සෞඛ්‍ය සේවාව බලගැන්වීම පිළිබඳ සාකච්ඡා කර ඇත.

    එමෙන්ම රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (04) කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක ද නිරත විය.

    එහිදී ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකය, හදිසි අනතුරු අංශය මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ද එම නියෝජිත පිරිසේ නිරීක්ෂණයට ලක් කෙරුණි.

    මෙම නිරීක්ෂණ චාරිකාවල ප්‍රධාන අරමුණ වූයේ ඉහත ආයතන නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වීම පිළිබඳව කරුණු සොයා බැලීම බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    මෙම තෙදින සංචාරය තුළ සමස්තයක් ලෙස රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළ ඉතා වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බදුන් විය.

    ඒ අතර ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව (හුවමාරු, ඒකාබද්ධ පාඨමාලා ආදිය), ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය, ඩිජිටල්කරණය, සංචාරක සෞඛ්‍ය සේවාව ආදී ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු වූ බව වැඩිදුරටත් සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.