Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉරාන්ව පත්කිරීම නිවැරදි තීන්දුවක් – ඇමති නලින්ද කැබිනට් හමුවේදී කියයි
    Sport

    ඉරාන්ව පත්කිරීම නිවැරදි තීන්දුවක් – ඇමති නලින්ද කැබිනට් හමුවේදී කියයි

    By LFNMay 5, 2026No Comments2 Mins Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම නිවැරදි තීන්දුවක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ජනතාවගේ ප්‍රාර්ථනය සහ අභිලාශය වනුනේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින තත්ත්වයෙන් ඉහළට එසැවීම වන බැවින් ඔහු ඇතුළු කණ්ඩායමට මේ වෙනුවෙන් වෙහෙසීමට හැකියාව පවතින බවය.

    එමෙන්ම හිටපු සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා තනතුර සුහදශීලිව අත්හැරීමට එකඟවීම ලබා දුන් යහපත් ආදර්ශයක් වන බවත් ඒ අනුව ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමට ඉදිරි වැඩකටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දීම සිදුකළ යුතු බවද ඒ මහතා මෙහිදී පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

    “රජය හැටියට ගත්ත හරි තීන්දුවක්. අපිට ඕන ක්‍රිකට් පරිපාලකයෙක් අවශ්‍ය කරන්නේ. අපිට ඕනේ ක්‍රිකට් ක්‍රීඩාව මේ තියන තත්වයෙන් ඉහළට ඔසවා ගැනීම සඳහා ජනතාවගේ අභිලාෂය, ජනතාවගේ ප්‍රාර්ථනය ඉටු කර ගැනීම සඳහා ශක්තිමත් කණ්ඩායමක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.  ඒක ඇතුළේ ක්‍රිකට් ගැන දන්න, ක්‍රිකට් ගැන ආදරය කරන, අත්දැකීම් තියෙන සහ පරිපාලනය ගැන දන්න හැම අයම නියෝජනය වෙනවා. ඉරාන් වික්‍රමරත්න ඇතුළු මේ කණ්ඩායමට පුළුවන්කම ලැබේවි කියලා අපි විශ්වාස කරනවා ලංකාවේ ක්‍රිකට් හොඳ තැනකට ගේන්න. ඒක තමයි රජයේ ප්‍රාර්ථනය ඉතිං අපි ඒ අයට ඉඩකඩ ලබා දෙනවා ඒ කණ්ඩායම ඉතාම ශක්තිමත්ව බැඳිලා මේ වෙනුවෙන් උරදීලා ඉන්නවා. ෂම්මි සිල්වා මැතිතුමා ඉතාම සුහදව සුහදශීලිව මේ තනතුර අතහැරියා. ඒක මම හිතනවා දීපු හොඳ ආදර්ශයක්. ඒවගේම තමයි ඉරාන් වික්‍රමරත්න මැතිතුමා මේක භාරගත්තා ඉතිං අපි ඒ අයට වැඩ කරන්න දිලා ඉමු”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.