Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පිරිවෙන් සා.පෙළ විභාගයේ නැවත සමීක්ෂණයට අයදුම්පත්‍ර කැඳවයි
    Local News

    පිරිවෙන් සා.පෙළ විභාගයේ නැවත සමීක්ෂණයට අයදුම්පත්‍ර කැඳවයි

    By LFNMay 5, 2026No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 (2026) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ.

    ඒ අනුව ලබන 21 වෙනිදා දක්වා ඒවා මාර්ගගත ක්‍රමයට පමණක් යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අදාළ අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් සහ නිල ජංගම දුරකථන යෙදවුම් හරහා යොමු කළ හැකිය.

    එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200ක් වන අතර හර පතක්, ණය පතක් භාවිත කර හෝ තැපැල් කාර්යාල මගින් ගෙවීම් සිදු කළ හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

    මුදල් ගෙවීමේදී අයදුම්කරු විසින් මාර්ගගත ක්‍රමවේදයට අනුව ලබා ගන්නා ලද යොමු අංකය ඉදිරිපත් කළ යුතුය.

    මුදල් ගෙවීමෙන් අනතුරුව ලබා දුන් ජංගම දුරකතන අංකයට කෙටි පණිවුඩයක් ලැබෙන අතර මුදල් ගෙවීමේ අවස්ථාව ලබා දෙන්නේ එක් වරක් පමණක් වන බැවින් මුදල් ගෙවන ආකාරය තෝරා ගැනීමට පෙර නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත සියලු විෂයන් තෝරාගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    මුදල් ගෙවීමෙන් අනතුරුව අයදුම්පත PDF ක්‍රමයට භාගත කරගෙන පරිවේණාධිපති/ප්‍රධානාචාර්ය නිර්දේශය සහිතව විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග ඇගයීම් ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ. 1503, කොළඹ යන ලිපියට යොමු කළ යුතුය.

    නැවත සමීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය සියලු විෂයන් සහිත නිවැරදි අයදුම්පත ඉදිරිපත් කිරීමට අයදුම්කරුගේ වගකීම වන බව විභාග දෙපාර්තමේන්තුව අවාධරණය කරයි.

    අදාළ ගාස්තු ගෙවා නොමැති අයදුම්පත් කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බවත් අයදුම්පත සඳහා ගෙවා ඇති ගාස්තු ගෙවා ඇති ගාස්තු ආපසු නො‌ගෙවන බවත් විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 011 – 27 85 105 හෝ 011 27 86 235 යන අංකවලින් ලබා ගත හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.