Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයට
    Uncategorized

    ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයට

    By LFNMay 5, 2026No Comments2 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දීර්ඝ කාලයක් අඩපණව පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය යළි ආරම්භ කිරීමට කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

    මෙම නඩුව මීට පෙර විභාග කරන ලද්දේ නාමල් බලල්ලේ , මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.

    නමුත් නාමල් බලල්ලේ විනිසුරුවරයා විනය පරීක්ෂණයක් හේතුවෙන් වැඩතහනමට ලක්වීම නිසාත්, මහේන් වීරමන් විනිසුරුවරයා විශ්‍රාම යාම නිසාත් මෙම නඩු විභාගය මාස ගණනාවක් අඩාල වී තිබුණි.

    මේ හේතුවෙන් මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

    ඒ අනුව අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබූ නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව ඊයේ (04) කැඳවනු ලැබීය.

    මෙම නඩුව මීට පෙර කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ විභාගයට ගැනුණද එය ඊයේ දිනයේ විභාගයට ගැනුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධූරය දැරූ සමයේ ඔහු පදිංචිව සිටි නිල සිවසේ ස්ථාපිත කර තිබෙන අධිකරණයක වීම විශේෂත්වයකි.

    අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී එම නඩුව යළි මැයි මස 08 වෙනිදා සිට සතිපතා විභාගයට ගැනීමට නියම කළත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාක්ෂිකරුවන් දෙදෙනෙකුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කර තිබේ.

    2010 වසරේ ජනවාරි මස 24 වනදා සිට 27 වනදා දක්වා කාල සීමාව තුළ  මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණි.

    එහි විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ කර්නල් ෂම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනෙකු නම් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.