Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සංචාරක නෞකාවක වෛරසයක් ව්‍යාප්ත වී තිදෙනෙක් මරුට – තවත් පිරිසකට අසාධ්‍යයි
    Hot News

    සංචාරක නෞකාවක වෛරසයක් ව්‍යාප්ත වී තිදෙනෙක් මරුට – තවත් පිරිසකට අසාධ්‍යයි

    By LFNMay 4, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ සුඛෝපභෝගී සංචාරක නෞකාවක ඇති වූ බවට සැක කෙරෙන ‘හන්ටා වෛරස’ (Hantavirus) ව්‍යාප්තියක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත්තේ ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් දක්වා ගමන් කරමින් තිබූ MV Hondius නෞකාව තුළ එක් තහවුරු කරන ලද වෛරස් ආසාදිතයෙකු සහ සැක සහිත ආසාදිතයින් පස්දෙනෙකු වාර්තා වී ඇති බවය.

    දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මියගිය පිරිස අතර නෙදර්ලන්ත ජාතික යුවළක් සිටින බවය.

    70 හැවිරිදි පිරිමි පුද්ගලයා ශාන්ත හෙලේනා දූපතට රැගෙන එන විටත් මියගොස් සිටි අතර, ඔහුගේ 69 හැවිරිදි බිරිඳ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මියගිය තෙවැනි පුද්ගලයා ද නෙදර්ලන්ත ජාතිකයෙකු බව තහවුරු වී තිබේ.

    මීට අමතරව, 69 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජොහැන්නස්බර්ග්හි දැඩි සත්කාර ඒකකයේ පසුවන අතර ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව නිලධාරීන් තහවුරු කර ඇත.

    හන්ටා වෛරසය සාමාන්‍යයෙන් මීයන් වැනි සතුන්ගේ මළපහ, කෙළ හෝ මුත්‍රා මගින් මිනිසුන්ට බෝ වේ. මෙය දැඩි ශ්වසන අපහසුතා ඇති කරන රෝගයකි. මිනිසුන්ගෙන් මිනිසුන්ට මෙම වෛරසය පැතිරීම ඉතා දුර්ලභ සිදුවීමකි.

    වෛරසය ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්වීමට සති 1 සිට 8 දක්වා කාලයක් ගත විය හැකි බැවින්, ඉදිරි දිනවලදී තවත් රෝගීන් වාර්තා වීමේ අවදානමක් පවතින බව පැවසේ.

    මාර්තු 20 වන දින ආර්ජන්ටිනාවෙන් ගමන් ආරම්භ කළ මෙම නෞකාව මේ වන විට කේප් වර්ඩ් හි ප්‍රියා අගනුවර ආසන්නයේ නැංගුරම් ලා ඇත.

    එහි මගීන් 150කට අධික පිරිසක් සිටින අතර, අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට ගොඩබිමට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමට එහි බලධාරීන් මෙතෙක් අවසර ලබා දී නොමැති බව සඳහන් වේ.

    පසුගිය 2025 වසරේදී සුප්‍රකට නළු ජීන් හැක්මන්ගේ බිරිඳ ද මෙම වෛරසය ආශ්‍රිත රෝගී තත්ත්වයකින් මියයාමත් සමඟ හන්ටා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමු ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202608 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.