Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
    Hot News

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    By LFNMay 4, 2026No Comments2 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ප්‍රකාශක අනුර තිලකසිරි අද මහතා පැවසුවේ දන්සල් ලියාපදිංචි කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී ලියාපදිංචි කිරීම් සිදුකර ගත හැකි බවය.

    එහිදී දන්සල පැවැත්වෙන ස්ථානය, සංවිධානය කරන පාර්ශ්වයන්ගේ නම, ලිපිනය සහ දුරකථන අංකය වැනි මූලික තොරතුරු ලබා ගනිමින් මෙම ලියාපදිංචිය සිදුවන බවය.

    එම ලියාපදිංචියෙන් පසුව දන්සලේ ආහාර පිළියෙල කරන අයුරු, කසළ කළමනාකරණය කිරීම් සිදුකිරීම, ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර සනීපාරක්ෂාව යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා බැලීමක් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

    දන්සල් සඳහා ආහාර නිකුත් කිරීමේදී අතින් ආහාර ඇල්ලීම සිදු නොකළ යුතු බවත් ඒ සඳහා ආහාර ලබා දීම සඳහා සකසා ඇති උපකරණ, අත්වැසුම් භාවිතයට ගත යුතු බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    එමෙන්ම ආහාර සඳහා මුද්‍රිත පත්තර භාවිතයට නොගන්නා ලෙසද පැවසූ ඒ මහතා පැවසුවේ පුවත්පත්වල ඇති කාබන් ආහාර සමග මුසුව භාවිතයට ගැනිම තුළින් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවය.

    එමෙන්ම දන්සල් පැවැත්වෙන ස්ථානයේ පානීය ජල මූලාශය පරිභෝජනය සඳහා සුදුසු ජල මූලාශ්‍රයක් විය යුතු බවත් ආහාර පිළියෙළ කිරීමේදී එම ආහාර සහ අමුද්‍රව්‍යවල කල්ඉකුත් වීමේ දිනය සම්බන්ධව දැනුවත් වන ලෙසත් ඒ මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

    දන්සල් ලබා දීමේදී යම් හෙයකින් අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කළ හොත් 1980 ආහාර පනත යටතේ සහ 2011 ආහාර සුරක්ෂිතතා රෙගුලාසි යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කිරීමට පසුගියදා පියවර ගනු ලැබීය.

    කරුණු 9කින් යුත් එම මාර්ගෝපදේශ මාලාව යටතේ සියලුම දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂක  කොටඨාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවද දක්වා තිබේ.

    එමෙන්ම දන්සලේ ආහාර පිළියෙල කිරීම සහ පරිභෝජනය කරන අතර කාලය පැය 04කට නොවැඩි විය යුතු බවද අදාළ මාර්ගෝපදේශයේ සඳහන්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026

    ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 202604 Views

    එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි…

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.