ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS සින්ධුකේසරි’ සබ්මැරීනය කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම සබ්මැරීනය ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.
සබ්මැරීනය කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.
මෙම සබ්මැරීනය දිගින් මීටර් 72.6ක් වන අතර, එහි කාර්ය මණ්ඩලය නාවිකයන් 67 දෙනෙක්.
මෙම නිල සංචාරය නිම කරමින් ‘INS සින්ධුකේසරි’ සබ්මැරීනය හෙට (05) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
