Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්
    Hot News

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    By LFNApril 29, 2026No Comments2 Mins Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන දරුණු ලෙස පහරදීමේ සිදුවීම ධීවර, ජලජ  හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා දැඩි ලෙස හෙළා දකී.

    මෙය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත්, අසල්වැසි රටවල් අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවයට හා විශ්වාසයට ඉන් දැඩි බලපෑමක් එල්ල වන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

    ඕනෑම රටක මූලික වගකීමක් වන්නේ මහජනතාවගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම අමානුෂික ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, ඉන්දීය ධීවරයින් දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වුවද, ශ්‍රී ලාංකික ධීවරයින් බොහෝ අවස්ථාවලදී ඔවුන් දෙස සහෝදරත්වයේ හැඟීමකින් බලා සාමකාමීව කටයුතු කළ බවය.

    කෙසේ වෙතත්, ඉන්දීය ධීවරයන්ගේ අක්‍රමවත් ධීවර පිළිවෙත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් කොල්ලකෑමට ලක්ව ඇති බවත්, එමගින් මෙරට සමුද්‍ර පරිසරයට සහ දේශීය ධීවරයාගේ ජීවනෝපායට බරපතළ හානි සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මෙම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඉන්දීය උසස් නිලධාරීන් සහ ධීවර බලධාරීන් සමඟ මට්ටම් කිහිපයකින් සාකච්ඡා පවත්වා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා දෙරට අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් සහ ශක්තිමත් සහයෝගීතාවයක අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරිණි.

    මෙම පහරදීම සම්බන්ධයෙන් වහාම සාධාරණ පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවන බව සහතික කළ යුතු බවත්, දෙරට අතර පවතින සියලු ගැටලු සාමකාමී සාකච්ඡා සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් විසඳා ගැනීම රජයේ ස්ථාවරය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.