රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන ඇති සේවකයන්ට ස්ථීර පත්වීම් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තබේ.
ඒ අනුව සේවකයන් 9,800කට ආසන්න පිරිසකට එලෙස ස්ථීර පත්වීම් ලබා දීමට අනුමැතිය හිමි වූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
එහිදී ඊට අදාළ විධිවිධාන ඇතුලත් චක්‍රලේඛය නිකුත් කිරීමට ද අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2026 අයවැය යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා ඒකාබද්ධව කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
