Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා – නාමල්
    Political

    ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා – නාමල්

    By LFNApril 28, 2026No Comments2 Mins Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වර්තමානය වන විට ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව අනාවරණය වෙමින් පවතින බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    තංගල්ලේදී අද (28) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ වර්තමාන රජය වරායෙන් කන්ටේනර් 323ක් නිදහස් කිරීම, බාල ගල් අඟුරු ගෙන්වීම, විශාල මුදලක් ගෙවමින් තෙල් නැවක් ගෙන්වමින් ඉතිහාස ගත වීම පමණක් නොව මේ වන විට මුදල් අමාත්‍යාංශයේ මුදල්ද සොකරම් කර ඇති බවය.

    මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීම හැක් කිරීමක් නොව මෙය මුදල් වංචාවක් බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහි වගකීම මුදල් ලේකම්වරයා පමණක් නොව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාටද පැවරෙන බවද සඳහන් කළේය.

    මෙම වංචාව සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම බරපතළ ගැටලුවක් බවද පෙන්වා දෙන මන්ත්‍රීවරයා මෙම වංචාව රජය විසින් මාස 08ක් පුරාවට මහජනතාවගෙන් සඟවා තබා ගැනීමටද කටයුතු කර ඇතැයිද චෝදනා කළේය.

    එමෙන්ම අදාළ ගෙවීම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ අත්සන නොමැතිව සිදුකළ නොහැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් අදාළ ගෙවීම සිදුකිරීමට විමසා ඇති බවත් ඒ අනුව මෙම ගෙවීම සිදුකර ඇති බැවින් වංචාව සිදුකළ පුද්ගලයින් සිටින්නේ රජය තුළම බවද පැවසීය.

    තවද රජය මේ වන විට ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම පසෙකලා ආණ්ඩුව මේ වන විට තමන්ගේ වංචා හා දූෂණ තවදුරටත් සිදුකරමින් තමන්ගේ න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරමින් තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොදුජන පෙරමුණ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

    “මේ වනකන් ඇයි නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ දැන් එක වෙලාවක කියනවා හැකර් හැංගේවී කියලා. හොරාව මාස 08ක් හංගන් ඉඳලා පරීක්ෂණ කරන්නේ නැතිව. මේ රටේ ජනතාවගේ බදුමුදල්. එක පැත්තකින් විදේශ රටවල වැඩකරන අය මේ රටට එවන විදේශ විනිමය, දිට්වා සුළි කුණාටුව වෙලොවේ අපේ ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ එකතු කරලා එවපු ආධාර මේ ඔක්කොම තියෙන්නේ ඔය ගිණුම ඇතුළේ දැන් එකක්වත් ආරක්ෂා කරගන්න බෑ…. පැහැදිලිවම ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව මුදල් ඇමතිවරයාගේ අත්සන නැතිව ඔය ගෙවීම කරන්න බෑ. අනික මහ බැංකුවක් තිබෙනවා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඔය සම්බන්ධව අහලා තියෙනවා ගෙවන්න කියලාත් තියෙනවා ඉතිං ආණ්ඩුව ඇතුළේ තමයි හොරා ඉන්නේ. අපි පැහැදිලිවම කිව්වා මේ සංවිධානාත්මක අපරාධකරුවන් පෝෂණය කරන ආණ්ඩුවක් කියලා. ඒක අද සමාජයට දිනෙන් දින සනාථ වෙනවා.” 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.