හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා අද (28) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණි.
ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
