Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
    Local News

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    By LFNApril 27, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසිදෙදෙනාව මෙහෙය වූ ප්‍රධාන චීවරධාරී සැකකරු මැයි 2වනදා දක්වා, දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.

    සැකකරු අද (27) මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය විසින් මෙම නියෝගය ලබා දී තිබුණි.

    කඩවත රම්මුතුගල ශ්‍රී පුන්‍යා ලංකාරාම විහාරයේ, අගුණුකොලේ අමිතානන්ද නම් මෙම චීවරධාරියා තායිලන්තයේ සිට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළේදී භාරගැනීමට සුදානම්ව සිට ඇති බවද සඳහන් වේ.

    මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් විසිදෙදෙනා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ප්‍රධාන චීවරධාරියා එම ස්ථානයෙන් පලාගොස් මිරිස්වත්ත ප්‍රදේශයේ සැඟව සිට ඇත.

    එහිදී ඊයේ (26) පෙලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

    අමිතානන්ද නම් මෙම චීවරධාරියාගේ වෛද්‍ය වාර්තා අනුව ද ඔහු එම අවස්ථාවේදී ද මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බව හෙළි වී තිබේ.

    එමෙන්ම අනෙකුත් චීවරධාරීන් පිරිස තායිලන්තයට යැවීම ද මෙම සැකකරු විසින් මෙහෙයවා ඇති බවත් ඔවුන් සම්බන්ධකරගත් Whatsapp ගිණුම ද මොහු විසින් ම මෙහෙයවා ඇති බවත් අධිකරණයේදී අනාවරණය වී ඇත.

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් “කුෂ් ” සහ” හෑෂ් ” නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 112ක් ඉතාම කූඨ ලෙස ගමන් මළුවල සඟවමින් මෙම චීවරධාරීන් විසිදෙදෙනා විසින් මෙරටට ගෙනවීත් තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.