Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»වැඩිමිලට සහල් විකිණූ වෙළෙඳසැල් කිහිපයකට වැඩ වරදියි
    Business

    වැඩිමිලට සහල් විකිණූ වෙළෙඳසැල් කිහිපයකට වැඩ වරදියි

    By LFNApril 27, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැඩිමිලට සහල් සහ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

    ඒ අනුව මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල, ගිරාඳුරුකෝට්ටේ, හපුතලේ ආදී ස්ථාවල පිහිටි වෙළෙඳසැල් කිහිපයක් එම අධිකාරිය විසින් පසුගිය 24 වැනිදා හදිසි වැටලීමක් සිදු කර තිබේ.

    එහිදී කීරි සම්බා සහ අනෙකුත් සහල් අලෙවි කළ යුතු පාලන මිල ඉක්මවා අලෙවි කරන බවට කරුණු අනාවරණය වී ඇති අතර ඒ අනුව අදාළ වෙළෙඳසැල් වෙත නීතිමය පියවර ගැනීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

    සිදුකරන ලද නීතිමය පියවරයන් මගින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට, ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට, තංගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට  ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂයක, දඩ මුදලක් අධිකරණය විසින් නියම කර තිබේ.

    මීට අමතරව හපුතලේ ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියාට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක්ද නියම කිරීමටද අධිකරණය පියවර ගෙන තිබුණි.

    මේ අතර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පානීය ජල බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනකුද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසි වැටලීමක් සිදුකර ඇත.

    එහිදී වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් සහ අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද අදාළ නීතිමය කටයුතුවලින් පසුව අධිකරණය නියමක කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.