Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්
    Local News

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    By LFNApril 25, 2026No Comments3 Mins Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

    එම ව්‍යපෘතිය යටතේ පසුගියදා නවීකරණ ක⁣ටයුතු ආරම්භ කළ මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසාදීම අද දින (25) ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, NIO engineering ආයතනය, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන ඇතුලු ආයතන රැසක ඒකාබද්ධ සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

    නවීකරණ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන තිස් පහක මූල්‍ය පිරිවැයක් දරා ඇත.

    පුද්ගලික සමාගමක් නවීකරණ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සිදු කර ඇති අතර මාස හයක කාලයක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත්ව සිදු කර තිබේ.

    ඒ යටතේ ආරක්ෂක කැමරා පද්ධති, විදුලි ආලෝක පද්ධති, නවීන උපාංග සහිත සනීපාරක්ෂක පහසුකම්, ගොඩනැගිලි සංකීර්ණයේ බාහිර සහ අභ්‍යන්තර තීන්ත ආලේපනය, පරිසර අලංකරණ කටයුතු සිදු කර ඇත.

    එමෙන්ම දශක ගණනාවකින් කිසිදු අලුත්වැඩියාවකට ලක් නොවූ වර්ෂ සියයකට අධික ඉපැරණි දුම්රිය ගොඩනැගිල්ලේ වහලය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කර තිබේ.

    දේශිය හා විදේශිය මගී ජනතාවට දිවයිනේ සෑම පළාතකටම ගමනාගමන පහසුකම් සපයා ගැනීමට පැමිණෙන මරදාන දුම්රිය ස්ථානය අදියර කිහිපයක් යටතේ නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.

    එහි පලමු අදියර මේ ය⁣ටත් සාර්ථකව අවසන් කර ඇත.

    නවීකරණයෙන් පසු දුම්රිය ස්ථාන පරිශ්‍රයේ වැඩිදියුණු කර ඇති පහසුකම් පිලිබඳ සොයා බැලූ අමාත්‍යවරයා ඉදිරි නවීකරණ කටයුතු විධිමත් කිරීමට අදාලව උපදෙස් ලබා දුන්නේය.

    නවීකරණය කරන ලද මරදාන දුම්රිය ස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,

    “ගරු ජනාධිපතිතුමාගේ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩසටහන කරනවා. මේ සඳහා දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක් හඳුනාගෙන තියෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික අංශයේ ආයතන සහ සිවිල් සමාජ සංවිධාන මේ සඳහා දායකත්වය සපයනවා. පහසුකම් වැඩිදියුණු කර අද ඔබ භාරයට පත් කල මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අක්බාර් බ්‍රදර්ස්’ ආයතනය ස්වේචාවෙන්ම බාර ගැනීම ඉතාමත් අගය කරනවා. පසුගිය කාලය ඇතිවූ අර්බුදයන් මැදින් වුවත් ප්‍රමාදයකින් තොරව මාස හයක් වැනි කාලයක් තුළ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළු පරිශ්‍රය තුළ තිරසර නවීකරණයන් සිදු කර තිබෙනවා. ඉහළ මට්ටමේ සනීපාරක්ෂක පහසුකම් ඇතුළුව යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සිදුකර තිබෙනවා. වසර 100 කටත් වඩා පැරණි මෙම දුම්රිය ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සුරක්ෂිත කරමින් කලා කෘතියක් ආකාරයෙන් නිර්මාණයන් සිදුකර තිබීම විශේෂත්වයක්. එම නිසා මේ පොදු පහසුකම් නිසි පරිදි පරිහරණය කිරීම, සුරක්ෂිතව රැකබලා ගැනීම, මගී ජනතාවගේ මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ ද ප්‍රමුඛ වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම වැදගත්. 

    රටේ යහපත ප්‍රාර්ථනා කරන සියලු ප්‍රජාව මෙවැනි ජාතික සම්පත් රැකගැනීමට එක්විය යුතුයි. ස්ථානවලට සිදු කරන නාස්තියට, හානියට එරෙහිව සමාජයේ පෙළ ගැසිය යුතුයි. 

    පසුගියදා පිටකොටුව මධ්‍යම බස් නවීකරණයෙන් පසු ඊට සිදුකර තිබූ හානියට දැඩි සමාජ විරෝධයක් ආවා. එය රජයට විශාල සමාජ ශක්තියක් වුණා. එම නිසා මෙම මහජන දේපළ පෞරාණික උරුම සුරක්ෂිත කිරීම පුරවැසි වගකීමක්. ජනතාවගේ සහාය වගේම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත් මෙහි නඩත්තුවට පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. නිලධාරීන් අවශ්‍ය කළමනාකරණය කළ යුතුයි. මේ ආකාරයෙන් නවීකරණය කරන ස්ථාන නිසි ලෙස නඩත්තු කිරීමත් ආරක්ෂා කිරීමත්  එවැනි ව්‍යාපෘති අලුතෙන් පටන් ගැනීමට දිරිදීමක් වෙනවා. රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, ස්වේච්ඡා සමාජ සංවිධාන තව තවත් සහාය දෙන්න පෙළ ගැසෙනවා. උපාය මාර්ගික සංවර්ධනය සඳහා සෑම ක්ෂේත්‍රයකම දායකත්වය අත්‍යවශ්‍ය වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.