වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී කැබ් රථයක් පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ වෙඩිබෙහෙත් කිලෝග්‍රෑම් 14ක්, ජෙලට් නයිට් කූරු 240ක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 350ක්, ඩෙටනේටර් 490ක් හා අඩි 5600ක් දිග වෙඩි බෙහෙත් වයර් තොගයක් සමඟ සැකකරුවෙකු කැබ් රථයද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වීරකැටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 57 ක් වන මුල්කිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුපුරණ දුව්‍ය තොගය ගල් කැඩීම සඳහා යොදාගැනීම සඳහා ප්‍රවාහනය කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. විරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
