Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්
    Local News

    සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්

    By LFNApril 23, 2026Updated:April 23, 2026No Comments2 Mins Read16 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි.

    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය වැළදුණු ළමුන් දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් බවය.

    එබැවින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් දරුවන්ට හැකි ඉක්මනින් එම එන්නත් විධිමත්ව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

    ශ්‍රී ලංකාව සරම්ප රෝගය සහමුලින්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛය සංවිධානය නිවේදනය කළේ ඉකුත් 2019 වසරේදීය.

    කෙසේවෙතත්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප වසංගත තත්ත්වයන් වාර්තාවූ බවය.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ රෝගය වැළඳී ඉන් සුවයක් ලැබුණද එහි සංකූලතා හේතුවෙන් වසර ගණනාවකට පසුව මරණය පවා ඇතිවී අවධානමක්ද පවතින බවය.

    “2025 අවුරුද්දේ ජනවාරි මාසේ ඉදලා එක රෝගියෙක්වත් ලංකාවෙන් වාර්තා වුණේ නෑ. නමුත් අවාසනාවකට වගේ රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙලා තියෙනවා කොළඹ දිස්ත්‍රිකයෙන්. මේ වාර්තා වු ළමුන් දෙදෙනා‍ගේ රෝගී තත්ත්වය නැවතත් වසංගතයක් දක්වා වාර්තා නොවී පැවතීමට අපි සියලුම උත්සහයන් ගන්න ඕනේ. එක ළමයෙකුගේ නියැදි අපි යැව්වා ඉන්දියාවේ රසායනාගාර වෙත. එයින් තහවුරු වුණා ඒ වෛරසය පිටරටින් පැමිණ වෛරසයක් බව. “

    “මෑතකදී සොයාගෙන තියෙනවා සරම්ප රෝගය වැළඳුනාට පස්සේ ඒ වැළඳුන කෙනාට, ප්‍රතිශක්ති මතකය අමතක වෙනවා කියලා. සරම්ප රෝගය වැළඳුනාට පස්සේ එම කෙනාට, අනික් රෝග වලට මුහුණ දීමටත් ඇති හැකියාවත් නැති වෙලා යනවා කියලා. එ් වගේම තව තත්ත්වයක් තියෙනවා SSPE මාරන්තික තත්ත්වයක්, සරම්ප රෝගය සුව වෙලා ගිහිල්ලා වසර ගණනාවකට පස්සේ වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා සරම්ප රෝගය සුව වුණා කියලා කිසිම කෙනෙකුට, විශේෂයෙන් ළමයෙකුට. දෙමාපියන්ට සැනසිල්ලේ ඉන්න වෙන්නේ නෑ. මොකද කොයි මොහොතේ දී හෝ, වසර ගණනාවක පසුව එක සෙමින් සෙමින් මරණය ඇති කරණ මාරාන්තික තත්ත්වයක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.