Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ප්‍රේමලාල් ජයසේකරට ඇප
    Local News

    ප්‍රේමලාල් ජයසේකරට ඇප

    By LFNApril 22, 2026No Comments2 Mins Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නුවරඑළිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇප මත මුදාහැර තිබේ.

    මෙම සැකකරු අද (22) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය විසින් රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත, දැඩි කොන්දේසි යටතේ මුදාහැරීමට නියෝග කළාය.

    එමෙන්ම නඩුව සැප්තැම්බර් 14 දින නැවත කැඳවීමටත්, අදාළ ගිනිඅවිය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයේ තබා ගැනීමටත් නියෝග කර ඇත.

    මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණයට භාර දීමට ද නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

    හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පවුලේ සාමාජිකයන් සමඟ ඊයේ (21) නුවරඑළියේ සංචාරයකදී දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී පිස්තෝලයක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළ බවට චෝදනා එල්ල වී තිබුණි.

    ඒ අනුව, 1996 ගිනි අවි ආඥා පනත යටතේ සාපරාධී බිය ගැන්වීම සහ මරණ තර්ජන කිරීම යන චෝදනා යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇත්තේ, ඔහු විසින් එවැනි සාපරාධී ක්‍රියාවක් සිදු කර නොමැති බවත්, එම නිසා ඇප මත මුදාහැරීමට අවසර ලබාදෙන ලෙසයි.

    පැමිණිල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ, විමර්ශන කටයුතු තවම අවසන් නොවීම හේතුවෙන් ඇප ලබාදීමට විරුද්ධ බවයි.

    දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, පැමිණිලිකරුට හෝ සාක්ෂිකරුවන්ට කිසියම් ආකාරයකින් තර්ජනයක් සිදු වුවහොත්, ඇප කොන්දේසි අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාරයට යොමු කරන බවය.

    අදාළ ගිනි අවිය සම්බන්ධයෙන්, ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ බලපත්‍රය සම්බන්ධ තොරතුරු විමසීමෙන් පසුව එය නීත්‍යානුකූලව ලබාදී ඇති බවටද පොලීසිය අනාවරණය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202602 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.