රාගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ දී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව රාගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනකු මේ මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස වත්තල මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද පස්වරුවේ නියම කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ එම වෙළෙඳසලේ තවත් සේවකයන් දෙදෙනෙකි.
තවද මේ සිද්ධිය සම්බන්ධව දැනට රිමාන්ඩ් බාරයේ සිටින ප්‍රධාන සැකකාරිය ඇතුළු පස් දෙනා ස තවදුරටත් එදින දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
