ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිසන් පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මුදල් ආධාර රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළ බවය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනතාවගේ නොවන යුද්ධයකට අමෙරිකානු හමුදාව ඇද දැමූ බවට ද කමලා හැරිස් චෝදනා කළාය.
ඇය මෙම ප්‍රකාශය සිදු කරන අතරවාරයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෲත් සෝෂල්හි සටහනක් තබමින් කියාසිටියේ, ජනතාව ඊශ්‍රායලයට කැමති වූවත් නැතත් ඔවුන් අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙකු බවට ඔප්පු කර ඇති බවය.
