දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ ගිලී අනතුරක් සිදුවී තිබේ.
දියේ ගිලුණු පිරිස අතරින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර තවත් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇත.
පොලීසිය පැවසුවේ පුද්ගලයින් 6 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවය.
අනතුර සිදුවී ඇත්තේ නිකවැරටිය, කුරටියාගහමුල ප්‍රදේශයේදී ය.
