Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026

    අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

    April 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි
    Hot News

    අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

    By LFNApril 16, 2026No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, එවැනි වාහන පිළිබඳව මේ වනවිටත් පොලීසියට පැමිණිලි ලැබී ඇති බවය.

    වායු දූෂණය ලෝක මට්ටමින් බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එය හේතුවෙන් වසරකට මිලියනයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවද අවධාරණය කළේය.

    මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් සමඟ එක්ව අධික කළු දුම නිකුත් කරන වාහන හඳුනාගෙන ඒවා පරීක්ෂා කර පොලිස් භාරයට ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

    එමෙන්ම, එවැනි වාහනයක් මාර්ගයේ ධාවනය වන බව දැකගත් අවස්ථාවකදී, ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා ජනතාවටද අවස්ථාව ලබා දී ඇත.

    ඒ සඳහා 070 3500525 යන WhatsApp අංකය හඳුන්වා දී ඇති අතර, අදාළ වාහනයේ අංකය හෝ වීඩියෝ පටයක් යොමු කිරීමෙන් පැමිණිලි කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

    එම තොරතුරු අනුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂකවරුන් විසින් අදාළ වාහන සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,431 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 202603 Views

    දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ…

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026

    අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

    April 16, 2026

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 16, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.