Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි ගන්න තහනම් කරයි
    Local News

    පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි ගන්න තහනම් කරයි

    By LFNApril 9, 2026No Comments1 Min Read19 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තුටුපඬුරු ලබා නොගැනීම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බොහෝ පොලිස් ස්ථානවල අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු සිදුකිරීම සඳහා නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීමට සූදානම් වන බවට සහ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගනිමින් අලුත් අවුරුදු සාද පැවැත්වීමට සූදානම් වන බවට ලැබී තිබු තොරතුරු හේතුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව වාර්තා වේ.

    විශේෂයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට සුබ පැතීමේ අංගයක් වශයෙන් පිරිනමනු ලබන හැම්පර්ස්, තෑගි වවුචර් පත් පිරිනැමීම ද සිදුනොකළ යුතු අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි දෑ භාරගැනීම ද සිදුනොකළ යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

    එසේම බාහිර පාර්ශ්වයන් හෝ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් යුතුව සිය පොලිස් ස්ථානවල සිංහල අලුත් අවුරුදු සාද පැවැත්වීම ද නොකළ යුතු බව පොලිස්පතිවරයා නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන්.

    පොලිස් ස්ථානවල සිදුකරන අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් එක් පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් 250ක මුදලක් පොලිස් ත්‍යාග අරමුදලෙන් ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බව ද පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

    අදාළ උපදෙස්වලට පටහැනිව කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම ද අධීක්ෂණ නිලධාරීන් විසින් කටයුතු කළ යුතු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.