Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කිමිදුම්කරුවන්ටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්
    Local News

    කිමිදුම්කරුවන්ටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්

    By LFNApril 3, 2026No Comments1 Min Read35 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිමිදුම්කරුවන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

    රජයේ ධීවර ප්‍රතිපත්තියෙහි යෝජනා ක්‍රියාවට නැංවීම යටතේ මෙම කිමිදුම්කරුවන් හට අදාළ රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවා ඇත.

    මෙහිදී ධීවර කාර්මිකයා ධීවර කටයුතු ආශ්‍රිතව කිමිදුම් කටයුතු ආශ්‍රිතව කිමිදුම් කටයුත්තක නිරතව සිටියදී රක්ෂිතයාට සිදුවන මරණයකදී රුපියල් ලක්ෂ 12ක් ගෙවීම සිදුකරන අතර එහිදී ධීවර කාර්මිකයා වසරක රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සඳහා රුපියල් 1920/-ක වාරික මුදලක් ගෙවිය යුතුවේ.

    මීට අමතරව රුපියල් ලක්ෂ 15ක රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු වාර්ෂික වාරික මුදල රුපියල් 2550/-ක් වන අතර රුපියල් ලක්ෂ 20ක වාර්ෂික රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සඳහා රුපියල් 3,600ක වාරිකයන් ගෙවිය යුතු බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර තිබේ.

    එමෙන්ම මීට අමතරව ධීවර කාර්මිකයා පූර්ණ අකර්මණ්‍යවීමකදී, තාවකාලික අකර්මණ්‍යතා වීමකදී සහ අතුරුදන්වීමකදී ද මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ගෙවීම සිදුකරන බවද එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.