Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නුවරඑලියේ හතරකට මරණ දඬුවම නියම වෙයි

    April 3, 2026

    කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු

    April 3, 2026

    කෝටි 21ක කුෂ් කටුනායකින් අල්ලයි

    April 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු
    Local News

    කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු

    By LFNApril 3, 2026No Comments1 Min Read62 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදුකෙරේ.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (02) නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

    ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට ඊයේ (02) රාත්‍රී 8 සිට අද (03) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් මේ වන විට ක්‍රියාත්මක වේ.

    එමෙන්ම හෝමාගම ප්‍රදේශයට අද (03) රාත්‍රී 8 සිට හෙට (04) රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

    තවද පැලැන්වත්ත ප්‍රදේශයට හෙට (4) රාත්‍රී 8 සිට පසුදින (අප්‍රේල් 5) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇත.

    මෙම ජල කප්පාදුව ඉහත සඳහන් කළ ප්‍රදේශවලට දින තුනකට වරක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

    කෙසේ නමුත් ජල කප්පාදුව සිදු නොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අප්‍රේල් 7 වනදා, හෝමාගමට අප්‍රේල් 8 වනදා සහ පැලැන්වත්තට අප්‍රේල් 9 වනදා යළිත් ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නුවරඑලියේ හතරකට මරණ දඬුවම නියම වෙයි

    April 3, 2026

    කෝටි 21ක කුෂ් කටුනායකින් අල්ලයි

    April 3, 2026

    රාජ්‍ය ව්‍යාපාර 8ක් විකිණීමට ගත් තීරණය වත්මන් රජය යටතේ ක්‍රියාත්මක නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

    April 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    නුවරඑලියේ හතරකට මරණ දඬුවම නියම වෙයි

    April 3, 20260113 Views

    මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නුවරඑලිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් තිබූ නඩු කටයුතු තුනකට අදාළ විත්තකරුවන්…

    කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු

    April 3, 2026

    කෝටි 21ක කුෂ් කටුනායකින් අල්ලයි

    April 3, 2026

    රාජ්‍ය ව්‍යාපාර 8ක් විකිණීමට ගත් තීරණය වත්මන් රජය යටතේ ක්‍රියාත්මක නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

    April 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.