මීට දින දෙකකට පෙර නිවසින් අතුරුදහන්ව සිටි දෙදරු පියෙකුගේ මළසිරුර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේ බෝක්කුවත් තුල තිබී අද (31) අලුයම සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වටවල – වැලිඔය වත්තෙ පදිංචිව සිටි දෙදරු පියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
සිය සැමියා දින දෙකක් තිස්සේ නිවසට නොපැමිණි බව පවසමින් බිරිද විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර පසුව එම වතුයායේ කම්කරුවන්ගේද සහයයෝගය ඇතිව ප්‍රදේශය පුරා පොලිසියේද සහයෝගය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.
එම මෙහෙයුමේදි බෝක්කුව තුල තිබු සිරුර සොයා ගත් බවත්, අධික ලෙස බීමත්ව පැමිණි එම පුද්ගලයා බස් රථයෙන් බැස ගමන් කරමින් සිටියදී බෝක්කුව මත වැටී මිය යන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.
සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.
