හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා මේ බව දැනුම් දී තිබේ.
කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධිව දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවත් එය දැඩි ලෙස හෙළා දකින් බවත් එම සංගමය පවසයි.
මෙම ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පෑම සඳහා මෙලෙස හෙට දිනයේ දී උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව වෛද්‍යවරයා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පවසන්නේ මෙම ස්ථාන මාරුකිරීම් සඳහා ලයිස්තුවක් සාදා ඇති බවත් මින් පෙර එවැන්නක් සිදුකර නොමැති බවත්ය.
මෙම සංකේත වැඩවර්ජනය නවත්වා ගැනීමට අවශ්‍ය නම් හෙට (31) උදෑසන දක්වා කාලය තිබෙන බවද වෛද්‍යවරයා පවසයි.
කෙසෙවෙතත් හදිසි ප්‍රතිකාර නිසි පරිදි සිදුකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
